රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දෙන ආකාරය පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙකුගෙන් ප්‍රකාශයක්

 


අපේ රටේ මූලධර්මය ගොඩනඟා ඇත්තේ රැකියා නොමැති අයට රජයේ රැකියා ලබා දීමට බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එය නැවැරදි නොවන බවත් එහෙයින් තමන් එය නොපිළිගන්නා බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රජය මැදිහත් වී රටේ රැකියා අවස්ථා ගොඩනැගිය යුතු බවයි.

කෙතරම් පෙළපාළි උද්ඝෝෂණ සිදු කළද තම රජය තොග වශයෙන් කිසිවෙකු රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බව ද ඔහු පැවසීය.

ඉදිරියේදී රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී තරග විභාගයක් පවත්වා පවතින පුරප්පාඩු සංඛ්‍යාවට අනුව පුද්ගලයින් බඳවා ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.


Post a Comment

0 Comments

WhatsApp