ගුරු වෘත්තීය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය කළ විශේෂ ප්‍රකාශය
උපුටා ගැනීම.
"2014/10/23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවෙහි ප්‍රතිපාදන අනුව ගුරුවරුන් බඳවා ගැනීම සිදු කරනු ලබයි.
ඒ අනුව එහි 7/2/2/1 වගන්තියෙහි සඳහන් පරිදි ගුරු සේවයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් III, II ශ්‍රේණියට බඳවා ගැනීමේදී සලකා බලනු ලබන අ.පො.ස උසස් පෙළ විභාගයෙන් අවම වශයෙන් විෂයන් තුනක් පොදු පරීක්ෂණය හැර එකවර සමත් වීම වේ.
2. දැනට ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව දිස්ත්‍රික්ක වශයෙන් ඇමුණුම 1 මගින්ද, පළාත් පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව දිස්ත්‍රික්ක වශයෙන් ඇමුණුම 2 මගින්ද ඉදිරිපත් කර ඇත.
ජාතික පාසල් වල පවතින ගුරු පුරප්පාඩු 2652 යි.
පළාත් පාසල් වල පවතින ගුරු පුරප්පාඩු 40621යි.
එකතුව 43273 යි
3.ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අංක 2087 සහ 2018/8/31 දරණ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ගැසට් නිවේදනය ප්‍රකාරව බඳවා ගැනීමේ තරග විභාගය 2019/05/25 දින පවත්වා ඇත.නමුත් එම විභාගය පැවැත්වීමෙන් පසුව 2020 වර්ෂයේ සිට රටේ ඇති වූ කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බඳවා ගැනීමේ ඉදිරි කටයුතු සිදු කෙරී නැත. ඉන් පසු රාජ්‍ය වියදම් සමාලෝචනය පිළිබඳ 2022/04/26 දිනැතිව නිකුත් කර ඇති රාජ්‍ය අයවැය චක්‍රලේඛ අංක 3/2/2022 මගින් සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර තිබුණද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තැබීමේ නිර්දේශය යටතේ නැවත වරක් මෙම බඳවා ගැනීම තාවකාලිකව නවතා ඇත.
2. ප්‍රශ්නය
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා හදාරා විද්‍යා පීඨවලින් වාර්ෂිකව ගුරු සේවය සඳහාම පිටවන ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් හට ගුරු පත්වීම් ලබා දීම අනිවාර්යයෙන් ම කළ යුතු බැවින් 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා වාර්ෂිකව ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් හට එම ආගමික විෂයන් සඳහා ශ්‍රී ලංකා ගුරුසේවයේ පත්වීම් ලබා දී ඇත. ඉහත කරුණු අනුව ආගමික විෂයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව නිකුත් කරන ලද අංක 2087 හා 2018/8/31 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාරව අදාළ බඳවා ගැනීම් එම කාල වකවානුව තුළ සිදුකිරීමට නොහැකි වීම මත හා මේ වකවානුවේදී සැලකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් නොමැති වීම මතත් මේ වන විට පවතින සීමිත පුරප්පාඩු ප්‍රමාණයද 2025 මාර්තු මස විද්‍යාපීඨ වලින් පිටවන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් වෙත වෙන්කර තැබීමට සිදුවීමක් හේතුවෙන් ධර්මාචාර්ය සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා 2019/5/25 පවත්වනු ලැබූ තරඟ විභාගයේ ප්‍රතිඵල මත ආගමික විෂයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් 2024/9/25 දිනැතිව උපදෙස් විමසා යවා ඇත. ඒ අනුව එම කොමිෂන් සභාවේ ලැබෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බව කාරුණිකව දන්වමි.
3.අදාල නොවේ.
4.අදාල නොවේ.
4. පිරිවෙන්
අධ්‍යාපන අමාත්‍යංශය මගින් වැටුප් ලබන පිරිවෙන් ආචාර්යවරු සංඛ්‍යාව 7358 යි.
ලියාපදිංචි පිරිවෙන් අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 825 යි.
පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය සඳහා නිසි වැඩ පිළිවෙළක් ඇත. පසුගාමී පිරිවෙන් අධ්‍යාපන ආයතන හඳුනාගෙන ඒවා යළි නගා සිටුවීම අරමුණු කරගෙන ප්‍රත්‍යාවලෝක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ පිරිවෙන් අධ්‍යාපනය විෂය මාලාව සංශෝධනය කිරීම, පෙළපොත්, නිල ඇඳුම්, පාවහන් තිළිණයක් ලබාදීම සහා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ නේවාසික පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම. පිරිවෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සඳහා සුහුරු පන්ති කාමර ඇතුළු තොරතුරු තාක්ෂණ උපකරණ හඳුනාගත් පිරිවෙන් 342 ක් වෙත ලබා දීමට රුපියල් මිලියන 400 ක් වෙන් කිරීම.
පිරිවෙන් අධ්‍යාපන ආයතනවල භෞතික හා මානව සම්පත් වර්ධනය ගුරුධාරිතා සංවර්ධනය සිදුකිරීම. පරිපාලන හා ආයතනික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සහ පිරිවෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය කිරීම පිණිස විශේෂ වැඩසටහන් හදුන්වා දීම.
දහම් පාසල්
දහම් පාසල් ගුරුවරු සංඛ්‍යාව 123931 යි.
ලියාපදිංචි දහම් පාසල් සංඛ්‍යාව 10646 යි.
අධ්‍යාපන ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ඇත.
දහම් පාසල් ගුරුවරුන් ඉගැන්වීමේ කුසලතා වර්ධනය සහ ගුරු අභිමානි සම්පත් දායක පුහුණුව පැවැත්වීම. දහම් පාසල් ගුරුවරුන් දහම් දැනුම වර්ධනය කර ගැනීම සඳහා දහම් සරසවිය වැඩසටහන පැවැත්වීම.
දහම් පාසල් ගුරුවරු ගුරු විභාගය පැවැත්වීම.
දහම් පාසල් ගුරු භවතුන් ධර්ම ඥානය වර්ධනය කිරීම සඳහා වාර්ෂිකව පුස්තකාල දීමනාවක් හා ගමන් වියදම් දීමනාවක් ලබා දීම. වසරක සේවා කාලයක් සපුරන ගුරුභවතුන්ට රු.5000 ක් හා වසර 3 ක සේවා කාලයක් සපුරන ගුරු භවතුන්ට රුපියල් 2500 ක දහම් පාසල් නිල ඇඳුම් දීමනාවක් ලබාදීම.
පුස්තකාල හා ප්‍රවාහන දීමනාව ලෙස රු. 5000 ක් ද, 2025 වර්ෂයේ සිට වසර 3 ක සේවා කාලයක් සපුරන ගුරු භවතුන්ට නිල ඇඳුම් දීමනාව ලෙස රු. 2500 ක් දීමනාවද ගෙවනු ලබයි. 2025 වර්ෂය වසර 3ක අර ඉහත කි පරිදි 2500ක නිල ඇඳුම් දීමනාවක් දෙන්න අනුමත වෙලා තියෙනවා. දෙවැනි ප්‍රශ්නය එතන තියෙන්නෙ ගරු කතානායකතුමනි දහම් පාසල් ගුරුවරුන් කියන්නේ සාමාන්‍යයෙන් ඒක ස්වේච්ඡාවෙන් කරන දෙයක් මේක ගරු දීමනාවක් ඒ ගරු කටයුත්තට දෙන දීමනාවක් මිසක් වැටුපක් හැටියට අපි සලකන් නෑ. මේක බොහෝ අය ඒක ස්වේච්ඡාවෙන් කරන දෙයක් ඒ ස්වේච්ඡාව අගය කරන නිසා මේක අපි හිතන්නේ නිකන් ඒක මිලක් දාලා වටිනාකමක් දෙන්න පුළුවන් සේවාවක් නෙවෙයි. ඒක බොහෝ දෙනෙක් ඒක ස්වේච්ඡා සංස්කෘතියත් අපි හිතනවා අගය කළ යුතුයි සහ රැක ගත යුතුයි කියලා ඒක වැටුපක් හැටියට ගුරුවරයෙක්ගෙ වැටුපක් හැටියට සලකන එක එච්චර සුදුසු නෑ කියන එකත් අපි හිතනවා ගරු කතානායකතුමනි." උපුටා ගැනීම අවසන්
0 Comments