
වත්මන් රජය අධ්‍යපනය සහ රැකියා විරහිතඋපාධිධාරීන් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්ව ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව සහ රැකියා විරහිත උපාධිධාරීන් අයාලේ යාම නවත්වා ඔවුන්ට රැකියාවක් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් මැදිහත්විය යුතු බවයි එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේ.
බලයට පත් කරගත් නව රජය මිනිසුන් වෙනුවෙන් දේවල් සිතා බලා ලබා දෙනු ඇති බවට අතපය හතර බැදගෙන බලා නොසිට සැබෑ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් මහ පාරට බැසිය යුතු බවත් එම අරගලය වෙනුවෙන් සංවිධානය විය යුතු අතර එම අරගලයේ තීරණාත්මක ඕනෑම අවස්ථාවක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය සිට ගැනීමට සූදානම් බවද ඔහු සදහන් කළා.
රැකියාවක් කිරීම යනු මිනිසෙකුගේ අයිතියක් බවත් එය ආණ්ඩුවක් මැදිහත්වී ලබාදිය යුතු බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් වැඩිදුරටත් සඳහන් කළා.
0 Comments