ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව - ඇබෑර්තු
පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ පහත සඳහන් තනතුරු සඳහා මනා සෞඛ්‍ය තත්ත්වයකින් හා විශිෂ්ඨ චරිතයකින් යුතු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
මෙහි පහත දැක්වෙන ආදර්ශ ආකෘති පත්‍රය ප්‍රකාරව පිළියෙල කරගත් අයදුම්පත් අධ්‍යාපන/ වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳ සහතිකවල පිටපත් ද සමග 2025.03.14 වැනි දින හෝ ඊට පෙර ලැබෙන සේ " පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ " යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය. තමන් අයදුම් කරන තනතුර ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ සඳහන් කළ යුතු ය. (මෙම තොරතුරු www.parliament.lk වෙබ් අඩවිය ඔස්සේ ද ලබාගත හැකි ය).
පුරප්පාඩු
පාර්ලිමේන්තු කථා පරිවතක (සිංහල / ඉංග්‍රීසි / සිංහල) (පුරප්පාඩු 01)
පාර්ලිමේන්තු කථා පරිවතක (සිංහල / දෙමළ / සිංහල) (පුරප්පාඩු 02)
පාර්ලිමේන්තු කථා පරිවර්තක (ඉංග්‍රීසි/ දෙමළ/ ඉංග්‍රීසි) (පුරප්පාඩු 08)
පාර්ලිමේන්තු කථා පරිවතක (සිංහල / දෙමළ / සිංහල) (පුරප්පාඩු 02)
පාර්ලිමේන්තු කථා පරිවර්තක (ඉංග්‍රීසි/ දෙමළ/ ඉංග්‍රීසි) (පුරප්පාඩු 08)
වැටුප් පරිමාණය
2016.11.07 දිනැති අංක 06/2016 දරන කළමනා කරණ සේවා චක්‍ර ලේඛයේ උපලේඛන I අනුව අදාළ අවම ආරම්භක දළ මාසික වැටුප රු. 110,000.00 පමණ වේ.
වයස් සීමාව
අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 22 ට නොඅඩු සහ 40 ට නොවැඩි විය යුතු ය.
(දැනටමත් රාජ්‍ය සේවයේ/ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර කර ඇති අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව
අදාළ නොවේ.
Full Details
Application
0 Comments