රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන ඔබට සුබ පණිවුඩයක්

රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන ඔබට සුබ පණිවුඩයක්
රජයේ නව බඳවා ගැනීමේ දින වකවානු මෙන්න

Published from Blogger Prime Android App


උපුටා ගැනීම
"අධ්‍යාපන පරිපාලන සේවය පුරප්පාඩු සංඛ්‍යාව 1334. මෙම පුරප්පාඩු සංඛ්‍යාව 2025/02/28 දිනට, අධ්‍යාපනඥ සේවය 1310 යි ඒ මේ දක්වා .විදුහල්පති සේවය 1610යි. ඒ 2024-12.-31 දින දක්වා

03 පිළිතුර
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි .
පහුගිය වර්ෂ වල රට පුරා පැවැති කොවිඩ් 19 වසංගතය සහ ආර්ථික අර්බුද තත්ත්වයන් මත රජයේ තනතුරුවලට බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සිදු වී නැත. කෙසේ වුවද මේ වන විට බඳවා ගැනීම් සඳහා අදාල පහත ක්‍රියාමාර්ග ගෙන ඇත.
01) සීමිත පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියට නිලධාරීන් 442ක් බඳවා ගැනීම සඳහා අදාළ තරග විභාගය 2023-09-23 වන දින දක්වා හා  සම්මුඛ පරීක්ෂණ 2024-08-21,22,24,27,30 සහ 2024-09-03,04,06,07 දිනවල පවත්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත 2025-01-29 වන දින  ඊට අදාල ලේඛන යොමුකර ඇත.


පිළිතුර 3
විවෘත පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන ශ්‍රේණියට 113ක් බඳවා ගැනීම සඳහා අදාල තරග විභාගය 2023-07-29 දින හා සම්මුඛ පරීක්ෂණය 2024-10-23 හා 24 දින වල පවත්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත 2025-01-03 වන දින ඊට අදාල ලිපි ලේඛන යොමු කර ඇත.

ඒ අනුව 1 හා 2 යටතේ දක්වා ඇති පුරප්පාඩු 555 ක් ඉදිරි මාස තුන ඇතුළත කඩිනමින් පුරවා ගැනීම සිදුකර තවදුරටත් සම්පූර්ණ කළ යුතු පුරප්පාඩු 779ක් පිරවීම සඳහා තරග විභාගයක් ඉදිරියේදී  පැවැත්වීමට කටයුතු කරනු ලැබේ.

විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන්
 
විදුහල්පති සේවයේ 2025-01-01 දින පවත්නා පුරප්පාඩු ප්‍රමාණය ගණනය කර ඒ අනුව නව තරග විභාගයක් පවත්වා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට නිලධාරීන් බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා 2025-01-31 දිනැතිව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා අනුමැතිය ලද පසු බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට කටයුතු කරනු ලැබේ.

අධ්‍යාපනඥ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග

ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා අනුමත සේවක සංඛ්‍යාව 2098 ක් වන අතර  දැනට නිලධාරීන් 788 ක් සේවයේ නියුතුවේ.ඒ අනුව අද දින වන විටත් නිලධාරීන් 1310 ක පුරප්පාඩුවක් පවතී. රජයේ ප්‍රතිපත්ති තීරණයක් මත 2022 වර්ෂයේ බඳවා ගැනීම් සමාලෝචනය කර තිබීම හේතුවෙන් එම  තීරණ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ බඳවා ගැනීමට ද  අදාළ වූ බැවින් පසුව නව බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලද විගස සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් පවත්වනු ලැබීය.ඒ අනුව විවෘත පදනම මත නිලධාරීන් 384 ක් ,සීමිත පදනම මත නිලධාරීන් 706ක් ඇතුළුව  නිලධාරින් 1090ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා අදාළ තරග විභාගය 2021 වර්ෂයේදී පවත්වා විභාගයේ ප්‍රතිඵල 2022 වර්ෂයේ නිකුත් කර ඇත.නමුත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම මෙම කාලය තුළ නතර කර තිබූ අතර නැවත බඳවා ගැනීම 2024 වර්ෂයේදී ආරම්භ කර ඇත. විවෘත පදනම මත 384ක් බඳවා ගැනීම සඳහා අදාල තරග විභාගය ප්‍රතිඵල මත 2022 වර්ෂයේ නිකුත් කර ඇති අතර ඊට අදාළ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ 2024  නොවැම්බර් මස පවත්වන ලදී.එම මූලික සම්මුඛ පරීක්‍ෂණයට අදාළ ලිපිගොනු පරීක්ෂා කර උප ලේඛන ලිපිගොනු සමග ඉදිරියේදී රාජ්‍ය සේවා කොමිසම සභාව වෙත අධ්‍යාපනඥ සේවා කමිටුව වෙත ඉදිරිපත් කිරීමට මේ වනවිටත් කටයුතු කර ඇත.
සීමිත පදනමෙන් 706 දෙනෙකු බඳවා ගැනීම සඳහා  අදාළ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ 2023 ජුනි මස පවත්වන ලද අතර යෝග්‍යතා ඇගයීම් 2024 මැයි මස පවත්වන ලදී. එම ලකුණු විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව ඉහත පරිදි නිලධාරින් 1090ක්  බඳවා ගැනීමෙන් පසුව තවදුරටත් පවතින 225 ක් පුරප්පාඩු පවතින බව කාරුණිකව දන්නවා සිටිමි" උපුටා ගැනීම අවසන්
 

Post a Comment

0 Comments

WhatsApp