ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 10 පැවැත්වෙයි


05 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසනවා.


ඒ අනුව මේ සඳහා අයඳුම්පත් කැඳවීම 2025 අප්‍රේල් මස 04 දින සිට 2025 අප්‍රේල් මස 30 වන දින දක්වා මාර්ගගතව (online) සිදුකරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


2025 අප්‍රේල් මස 30 දින මධ්‍යම රාත්‍රී 12.00 ට මාර්ගගත ප්‍රවේශය වසා දමන අතර, කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Post a Comment

0 Comments

WhatsApp