සාමාන්‍ය දැනුම ප්‍රශ්නාවලිය IX (Q1-7)
ප්‍රශ්නය 01: ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගොඩනැගීමට යොදා ගනු ලැබූ පහත සඳහන් මූලාශ්‍ර ග්‍රන්ථ අතරින් මුලින්ම ලියවී ඇති ග්‍රන්ථය කුමක් ද?
1. දීපවංශය
2. මහාවංශය
3. සීහලට්ඨ කථා මහාවංශය
4. බෝධිවංශය
Explanation: ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු පැරණිතම වංශකථාව ලෙස සැලකෙන්නේ දීපවංශයයි.
ප්‍රශ්නය 02: සීගිරි ගී ඇතුලත් කළ හැක්කේ පහත සඳහන් කුමන මූලාශ්‍ර කාණ්ඩයට ද?
1. සෙල් ලිපි
2. පර්වත ලිපි
3. ලෙන් ලිපි
4. අභිලේඛන
Explanation: අභිලේඛන (Epigraphs) යනු ගල්, ලෝහ, හෝ වෙනත් තද මතුපිටක සටහන් කළ ලේඛන සඳහා පොදු යෙදුමකි. සීගිරි ගී, ලෙන් ලිපි සහ සෙල් ලිපි සියල්ලම අභිලේඛන කාණ්ඩයට අයත් වේ.
ප්‍රශ්නය 03: ශ්‍රී ලංකාවේ වර්තමානයේ වෙසෙන වැදි ජනතාවට සමාන කර ඇත්තේ,
1. ඓතිහාසික යුගයේ මානවයින්ට ය.
2. ගල් යුගයේ මානවයින්ට ය.
3. පූර්ව ඓතිහාසික යුගයේ මානවයින්ට ය.
4. මුල් ඓතිහාසික යුගයේ මානවයින්ට ය.
Explanation: වැදි ජනතාව ශ්‍රී ලංකාවේ ආදිතම වැසියන් වන අතර ඔවුන්ගේ ජීවන රටාව හා සංස්කෘතිය පූර්ව ඓතිහාසික යුගයේ/ගල් යුගයේ (Prehistoric/Stone Age) මානවයින්ට සමානකම් දක්වයි.
ප්‍රශ්නය 04: පහත දැක්වෙන රජවරුන් අතර විදේශීය සම්භවයක් ඇති රජකු ලෙස සැලකෙන්නේ,
1. දුටුගැමුණු රජතුමා ය.
2. පණ්ඩුකාභය රජතුමා ය.
3. වසභ රජතුමා ය.
4. නිශ්ශංකමල්ල රජතුමා ය.
Explanation: නිශ්ශංකමල්ල රජතුමා (ක්‍රි.ව. 1187-1196) කාලිංග දේශයෙන් පැමිණි විදේශීය සම්භවයක් ඇති රජෙකි.
ප්‍රශ්නය 05: අතීතයේදී හේන් වගාවේදී සිදු නොකළ කටයුත්තක් වූයේ,
1. එළිපෙහෙළි කරගත් කැලෑ කොටස් ගිනි තැබීම ය.
2. සතුන්ට ඉන් ඉවත් වන ලෙස ශබ්ද නගා කෑ ගැසීම ය.
3. විශාල ගස් කපා දැමීම ය.
4. වරක් දෙවරක් වගා කොට එම භූමිය අතහැර දැමීම ය.
Explanation: හේන් වගාවේදී කැලෑ එළිපෙහෙළි කළත්, සාමාන්‍යයෙන් විශාල ගස් සම්පූර්ණයෙන්ම කපා දැමීම සිදු නොකළ අතර, ඒවායේ අතු පමණක් කපා ඉතිරි කොටසට ගිනි තබා ඇත.
ප්‍රශ්නය 06: පැරණි සෙල් ලිපියක "පොවනි රජ" (පචින රජ) යනුවෙන් හඳුන්වා ඇත්තේ,
1. I වන විජයබාහු රජතුමා ය.
2. ගමික ය.
3. බුද්ධදාස රජතුමා ය.
4. ප්‍රාදේශීය පාලකයකු ය.
Explanation: "පොවනි රජ" හෙවත් "පචින රජ" යන්නෙන් අදහස් වන්නේ නැගෙනහිර දිසාවේ පාලකයාය. මෙය ප්‍රාදේශීය පාලකයන් හැඳින්වීමට යොදාගත් යෙදුමකි.
ප්‍රශ්නය 07: සෙල් ලිපි වල "කන පෙඩික" නමින් හඳුන්වා ඇති නිලධාරියා කවුරුන් ද?
1. රාජ්‍ය ලේඛනාගාර ප්‍රධානි
2. වෙළෙඳ කටයුතු භාර ප්‍රධානි
3. වත් සිරිත් සහ චාරිත්‍ර පිළිබඳ අධිකාරි
4. කාසි අච්චු ගැසීමේ අංශ ප්‍රධානි
Explanation: "කන පෙඩික" යනු රාජ්‍ය ලේඛන සහ වාර්තා කටයුතු භාරව සිටි නිලධාරියෙකි. එනම්, රාජ්‍ය ලේඛනාගාර ප්‍රධානි ය.
ලකුණු පුවරුව
මුහුණ දුන් ප්‍රශ්න ගණන: 0
නිවැරදි පිළිතුරු: 0
වැරදි පිළිතුරු: 0
මුලු ලකුණු: 0%
0 Comments