සාමාන්‍ය දැනුම ප්‍රශ්නාවලිය
ප්‍රශ්නය 1: 'අප්‍රිකාවේ මුතු ඇටය' ලෙස හඳුන්වන රට කුමක්ද?
(i) කෙන්යාව
(ii) දකුණු අප්‍රිකාව
(iii) උගන්ඩාව
(iv) ඊජිප්තුව
පැහැදිලි කිරීම: උගන්ඩාවේ ඇති ස්වභාවික සෞන්දර්යය නිසා වින්ස්ටන් චර්චිල් විසින් එය 'The Pearl of Africa' ලෙස හඳුන්වන ලදී.
ප්‍රශ්නය 2: 'ඉන්දියන් සාගරයේ මුතු ඇටය' ලෙස හඳුන්වන රට කුමක්ද?
(i) මාලදිවයින
(ii) මොරිෂස්
(iii) ශ්‍රී ලංකාව
(iv) මැඩගස්කරය
පැහැදිලි කිරීම: ඉන්දියන් සාගරයේ පිහිටීම සහ එහි ඇති වටිනාකම නිසා ශ්‍රී ලංකාව මෙම නමින් හඳුන්වයි.
ප්‍රශ්නය 3: 'හිරු නොබසින අධිරාජ්‍යය' ලෙස හැඳින්වූයේ කුමන රටද?
(i) රෝම අධිරාජ්‍යය
(ii) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය
(iii) ඔටෝමාන් අධිරාජ්‍යය
(iv) මොංගෝලියානු අධිරාජ්‍යය
පැහැදිලි කිරීම: බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලොව පුරා විසිරී තිබූ බැවින් එහි එක් ප්‍රදේශයකට හෝ හිරු පායා තිබීම මෙයට හේතුවයි.
ප්‍රශ්නය 4: ඇමරිකාවේ වත්මන් ජනාධිපති නිල නිවස හඳුන්වන්නේ කෙසේද?
(i) බ්ලූ හවුස්
(ii) අංක 10 ඩව්නින් වීදිය
(iii) ධවල මන්දිරය (White House)
(iv) ක්‍රෙම්ලිනය
පැහැදිලි කිරීම: ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවස සහ කාර්යාලය ධවල මන්දිරය ලෙස හැඳින්වේ.
ප්‍රශ්නය 5: 'මහා ප්‍රාකාරය' (Great Wall) පිහිටා ඇත්තේ කුමන රටේද?
(i) ජපානය
(ii) ඉන්දියාව
(iii) චීනය
(iv) මොංගෝලියාව
පැහැදිලි කිරීම: චීන මහා ප්‍රාකාරය ලොව දිගම මිනිසා විසින් නිර්මාණය කරන ලද ඉදිකිරීමයි.
ප්‍රශ්නය 6: ලෝකයේ වේගවත්ම ගොඩබිම් සත්වයා කවුද?
(i) සිංහයා
(ii) කොටියා
(iii) චීටා
(iv) අශ්වයා
පැහැදිලි කිරීම: චීටාට පැයට කිලෝමීටර් 110-120 ක පමණ වේගයකින් දිවීමේ හැකියාව ඇත.
ප්‍රශ්නය 7: ලෝකයේ විශාලතම සත්වයා කවුද?
(i) අප්‍රිකානු අලියා
(ii) ජිරාෆ්
(iii) නිල් තල්මසා
(iv) හිපපොටේමස්
පැහැදිලි කිරීම: නිල් තල්මසා ලොව මෙතෙක් වාර්තා වී ඇති විශාලතම ක්ෂීරපායී සත්වයා වේ.
ප්‍රශ්නය 8: ඔලිම්පික් ධජයේ ඇති වළලු ගණන කීයද?
(i) 04
(ii) 06
(iii) 05
(iv) 07
පැහැදිලි කිරීම: ඔලිම්පික් ධජයේ එකිනෙක බැඳුණු වර්ණ පහක වළලු 5 ක් අන්තර්ගත වේ.
ප්‍රශ්නය 9: ඔලිම්පික් වළලු 5න් නිරූපණය කරන්නේ මොනවාද?
(i) ලෝකයේ සාගර 5
(ii) ලෝකයේ මහාද්වීප 05
(iii) ලෝකයේ ප්‍රධාන ආගම් 5
(iv) ලෝකයේ ප්‍රධාන වර්ණ 5
පැහැදිලි කිරීම: මෙම වළලු පහෙන් ලෝකයේ ප්‍රධාන ජනාවාස සහිත මහාද්වීප පහ නිරූපණය කෙරේ.
ප්‍රශ්නය 10: නූතන ඔලිම්පික් උළෙලේ පියා ලෙස සැලකෙන්නේ කවුද?
(i) තෝමස් බැක්
(ii) පියරේ ද කුබර්තින්
(iii) සියුස් දෙවියන්
(iv) ජෙසී ඕවන්ස්
පැහැදිලි කිරීම: බැරන් පියරේ ද කුබර්තින් නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමේ පුරෝගාමියා වේ.
ලකුණු පුවරුව
මුහුණ දුන් ප්‍රශ්න ගණන: 0
නිවැරදි පිළිතුරු: 0
වැරදි පිළිතුරු: 0
මුලු ලකුණු: 0%
0 Comments