සාමාන්‍ය දැනුම ප්‍රශ්නාවලිය
ප්‍රශ්නය 1: ජාත්‍යන්තර කම්කරු දිනය කවදාද?
(i) මාර්තු 08
(ii) ජුනි 05
(iii) මැයි 01
(iv) දෙසැම්බර් 10
පැහැදිලි කිරීම: ලොව පුරා වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සහ ජයග්‍රහණ සැමරීම සඳහා මැයි 01 වන දින 'මැයි දිනය' ලෙස නම් කර ඇත.
ප්‍රශ්නය 2: ඇමරිකාවේ පළමු ජනාධිපතිවරයා කවුද?
(i) ඒබ්‍රහම් ලින්කන්
(ii) තෝමස් ජෙෆර්සන්
(iii) ජෝර්ජ් වොෂින්ටන්
(iv) ජෝන් එෆ්. කෙනඩි
පැහැදිලි කිරීම: 1789 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ජෝර්ජ් වොෂින්ටන් තේරී පත් විය.
ප්‍රශ්නය 3: දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ නායකයා කවුද?
(i) ඩෙස්මන් ටුටූ
(ii) තාබෝම්බේකි
(iii) නෙල්සන් මැන්ඩෙලා
(iv) ෆෙඩ්රික් ඩි ක්ලාක්
පැහැදිලි කිරීම: වසර 27 ක් සිරගතව සිටිමින් වර්ණභේදවාදයට එරෙහිව සටන් කර පසුව දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූයේ නෙල්සන් මැන්ඩෙලා ය.
ප්‍රශ්නය 4: මහත්මා ගාන්ධිතුමා උපන් රට කුමක්ද?
(i) පකිස්ථානය
(ii) බංග්ලාදේශය
(iii) ඉන්දියාව
(iv) නේපාලය
පැහැදිලි කිරීම: මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි (මහත්මා ගාන්ධි) 1869 වසරේදී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පෝර්බන්දර්හි උපත ලැබීය.
ප්‍රශ්නය 5: සිංගප්පූරුව දියුණු කළ නායකයා ලෙස සැලකෙන්නේ කවුද?
(i) මහතීර් මොහොමඩ්
(ii) සුහර්තෝ
(iii) ලී ක්වාන් යූ
(iv) ෂී ජින්පින්
පැහැදිලි කිරීම: නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලෙස සැලකෙන ලී ක්වාන් යූ සිංගප්පූරුවේ ප්‍රථම අගමැතිවරයා වේ.
ප්‍රශ්නය 6: හිට්ලර් (Hitler) කුමන රටේ පාලකයෙක්ද?
(i) ඉතාලිය
(ii) ඔස්ට්‍රියාව
(iii) ජර්මනිය
(iv) පෝලන්තය
පැහැදිලි කිරීම: ඇඩොල්ෆ් හිට්ලර් නාසි පක්ෂයේ නායකයා ලෙස ජර්මනියේ ඒකාධිපති පාලකයා විය.
ප්‍රශ්නය 7: දෙවන ලෝක යුද්ධය අවසන් වූ වර්ෂය කුමක්ද?
(i) 1939
(ii) 1918
(iii) 1945
(iv) 1950
පැහැදිලි කිරීම: 1939 ආරම්භ වූ දෙවන ලෝක යුද්ධය 1945 වසරේදී ජර්මනිය සහ ජපානය යටත් වීමත් සමඟ අවසන් විය.
ප්‍රශ්නය 8: පරමාණු බෝම්බ හෙලන ලද ජපානයේ නගර දෙක මොනවාද?
(i) ටෝකියෝ සහ ඔසාකා
(ii) කියෝතෝ සහ කෝබේ
(iii) හිරෝෂිමා සහ නාගසාකි
(iv) යොකොහාමා සහ සෙන්ඩායි
පැහැදිලි කිරීම: දෙවන ලෝක යුද්ධය අවසානයේ 1945 අගෝස්තු මාසයේදී ඇමරිකාව විසින් මෙම නගර දෙකට පරමාණු බෝම්බ හෙලන ලදී.
ප්‍රශ්නය 9: 'දහස්ක් වැව් ඇති රට' ලෙස හඳුන්වන්නේ කුමන රටද?
(i) නෝර්වේ
(ii) ස්වීඩනය
(iii) ෆින්ලන්තය
(iv) කැනඩාව
පැහැදිලි කිරීම: ෆින්ලන්තය තුළ ස්වභාවික විල් හෙවත් වැව් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ඇති නිසා එය 'Land of a Thousand Lakes' ලෙස හැඳින්වේ.
ප්‍රශ්නය 10: 'සුදු අලින්ගේ රට' ලෙස හඳුන්වන්නේ කුමන රටද?
(i) ඉන්දියාව
(ii) ශ්‍රී ලංකාව
(iii) තායිලන්තය
(iv) මියන්මාරය
පැහැදිලි කිරීම: තායිලන්ත සංස්කෘතිය තුළ සුදු අලි ඉතා පූජනීය සත්ව කොට්ඨාසයක් ලෙස සලකන බැවින් එය මෙම නමින් හඳුන්වයි.
ලකුණු පුවරුව
මුහුණ දුන් ප්‍රශ්න ගණන: 0
නිවැරදි පිළිතුරු: 0
වැරදි පිළිතුරු: 0
මුලු ලකුණු: 0%
0 Comments