සාමාන්‍ය දැනුම ප්‍රශ්නාවලිය
ප්‍රශ්නය 1: ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින රට කුමක්ද?
(i) පකිස්ථානය
(ii) ඉන්දියාව
(iii) ඉන්දුනීසියාව
(iv) සවුදි අරාබිය
පැහැදිලි කිරීම: ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් වෙසෙන රට ඉන්දුනීසියාව වන අතර එය දකුණුදිග ආසියානු රටකි.
ප්‍රශ්නය 2: යුරෝපයේ පිහිටි 'රෝමය' කුමන රටේ අගනුවරද?
(i) ප්‍රංශය
(ii) ග්‍රීසිය
(iii) ඉතාලිය
(iv) ස්පාඤ්ඤය
පැහැදිලි කිරීම: රෝමය ඉතාලියේ අගනුවර වන අතර එය ඉතිහාසයේ ඉතා වැදගත් නගරයක් ලෙස සැලකේ.
ප්‍රශ්නය 3: වතිකානු පුරයේ නායකත්වය දරන්නේ කවුද?
(i) ජනාධිපති
(ii) අගමැති
(iii) පාප් වහන්සේ
(iv) රජු
පැහැදිලි කිරීම: ලොව කුඩාම ස්වාධීන රාජ්‍යය වන වතිකානුවේ නායකත්වය දරන්නේ කතෝලික සභාවේ උත්තරීතර නායක පාප් වහන්සේය.
ප්‍රශ්නය 4: 'මැන්ඩරින්' භාෂාව වැඩිපුරම කතා කරන්නේ කුමන රටේද?
(i) ජපානය
(ii) කොරියාව
(iii) චීනය
(iv) තායිලන්තය
පැහැදිලි කිරීම: මැන්ඩරින් යනු චීනයේ නිල භාෂාව වන අතර එය ලොව වැඩිම පිරිසක් මව් භාෂාව ලෙස භාවිත කරන භාෂාවකි.
ප්‍රශ්නය 5: පෘථිවියේ සමකය (Equator) හරහා යන ප්‍රධාන මහාද්වීපය කුමක්ද?
(i) යුරෝපය
(ii) ආසියාව
(iii) අප්‍රිකාව
(iv) ඕස්ට්‍රේලියාව
පැහැදිලි කිරීම: අප්‍රිකානු මහාද්වීපය පෘථිවියේ උත්තර හා දක්ෂිණ අර්ධගෝල දෙකටම අයත් වන සේ සමකය හරහා විහිදේ.
ප්‍රශ්නය 6: උත්තර ධ්‍රැවයට අයත් සාගරය කුමක්ද?
(i) අත්ලාන්තික් සාගරය
(ii) පැසිෆික් සාගරය
(iii) ආක්ටික් සාගරය
(iv) ඉන්දියන් සාගරය
පැහැදිලි කිරීම: පෘථිවියේ උත්තර ධ්‍රැව කලාපය වටා පිහිටා ඇත්තේ ආක්ටික් සාගරයයි.
ප්‍රශ්නය 7: දක්‍ෂිණ ධ්‍රැවය (ඇන්ටාක්ටිකාව) වැසී ඇත්තේ කුමකින්ද?
(i) වැලි වලින්
(ii) වනාන්තර වලින්
(iii) අයිස් (හිම) වලින්
(iv) ජලයෙන්
පැහැදිලි කිරීම: ඇන්ටාක්ටිකාව යනු මුළුමනින්ම පාහේ ඝන අයිස් තට්ටුවකින් වැසී ඇති මහාද්වීපයකි.
ප්‍රශ්නය 8: ලෝකයේ විශාලතම වැසි වනාන්තරය කුමක්ද?
(i) කොංගෝ වනාන්තරය
(ii) සින්හරාජය
(iii) ඇමසන් වනාන්තරය
(iv) ඩේන්ට්‍රී වනාන්තරය
පැහැදිලි කිරීම: දකුණු ඇමරිකාවේ පිහිටි ඇමසන් වනාන්තරය ලොව ජෛව විවිධත්වය වැඩිම වැසි වනාන්තරයයි.
ප්‍රශ්නය 9: ඇමසන් වනාන්තරය වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ කුමන රටටද?
(i) පේරු
(ii) කොලොම්බියාව
(iii) බ්‍රසීලය
(iv) වෙනිසියුලාව
පැහැදිලි කිරීම: ඇමසන් වැසි වනාන්තරයෙන් 60% ක පමණ ප්‍රමාණයක් බ්‍රසීලයට අයත් වේ.
ප්‍රශ්නය 10: නයගරා දියඇල්ල පිහිටා ඇත්තේ කුමන රටවල් දෙකක දේශසීමාවේ ද?
(i) ඇමරිකාව සහ මෙක්සිකෝව
(ii) බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව
(iii) ඇමරිකාව සහ කැනඩාව
(iv) ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය
පැහැදිලි කිරීම: නයගරා දියඇල්ල උතුරු ඇමරිකාවේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව වෙන් කරන දේශසීමාව මත පිහිටා ඇත.
ලකුණු පුවරුව
මුහුණ දුන් ප්‍රශ්න ගණන: 0
නිවැරදි පිළිතුරු: 0
වැරදි පිළිතුරු: 0
මුලු ලකුණු: 0%
0 Comments