General Knowledge | Quiz 101

සාමාන්‍ය දැනුම ප්‍රශ්නාවලිය | General Knowledge Quiz
Header Image
අධ්‍යාපන හා සාමාන්‍ය දැනුම
ප්‍රශ්නය 1: ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සෙංකෝලය නිර්මාණය කළේ කවුද?
(i) ජෝර්ජ් කීට්
(ii) ආනන්ද සමරකෝන්
(iii) එස්. පී. චාල්ස්
(iv) චාල්ස්
පැහැදිලි කිරීම: 1949 දී කලාශූරී එස්. පී. චාල්ස් මහතා විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සෙංකෝලය නිර්මාණය කරන ලදී.
ප්‍රශ්නය 2: සිවිල් සේවයට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා කවුද?
(i) පොන්නම්බලම් අරුනාචලම් මහතා
(ii) ඊ. ඩබ්ලිව්. පෙරේරා
(iii) පොන්නම්බලම් රාමනාදන් මහතා
(iv) ජේම්ස් පීරිස් මහතා
පැහැදිලි කිරීම: ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම් මහතා ප්‍රථම ලාංකික සිවිල් සේවා නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වේ.
ප්‍රශ්නය 3: ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂිකාර්මික ජනපදය පිහිටුවූයේ කොහේ ද?
(i) ගල් ඔය
(ii) පොළොන්නරුව
(iii) අම්පාර
(iv) මින්නේරිය
පැහැදිලි කිරීම: ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයකට අනුව මින්නේරිය ගොවි ජනපදය ආරම්භ කරන ලදී.
ප්‍රශ්නය 4: නිදහස ලැබීමෙන් පසු ඉදිකරන ලද ප්‍රථම ජල විදුලි බලාගාරය කුමක් ද?
(i) වික්ටෝරියා
(ii) ලක්ෂපාන
(iii) කොත්මලේ
(iv) රන්දෙනිගල
පැහැදිලි කිරීම: විමලසුරේන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි ලක්ෂපාන බලාගාරය 1950 දී විවෘත විය.
ප්‍රශ්නය 5: ශ්‍රී ලංකාවේ සාගර විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කොහේ ද?
(i) මාතර
(ii) ගාල්ල
(iii) තංගල්ල
(iv) හම්බන්තොට
පැහැදිලි කිරීම: ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන කලාපීය මධ්‍යස්ථානයක් තංගල්ලේ පිහිටා ඇත.
ප්‍රශ්නය 6: ගුරු භූමිකාවේ 5E ආකෘතියට අයත් වන්නේ පහත කවරක් ද?
(i) නියුක්ත කරණය, ගවේෂණය, විවරණය, විස්තාරණය, ඇගයීම
(ii) සැලසුම් කිරීම, ඉගැන්වීම, ඇගයීම, නැවත ඉගැන්වීම
(iii) දැනුම, ආකල්ප, කුසලතා, පුරුදු
(iv) සවන්දීම, කතාකිරීම, කියවීම, ලිවීම
පැහැදිලි කිරීම: 5E ආකෘතිය (Engage, Explore, Explain, Elaborate, Evaluate) යනු නූතන ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ ප්‍රධාන ආකෘතියකි.
ප්‍රශ්නය 7: ලොව දීර්ඝතම හෝඩිය ඇති රට කුමක් ද?
(i) චීනය
(ii) කාම්බෝජය
(iii) තායිලන්තය
(iv) ශ්‍රී ලංකාව
පැහැදිලි කිරීම: කාම්බෝජ භාෂාව (Khmer) ලොව දිගම හෝඩිය (අකුරු 74ක් පමණ) සහිත භාෂාව ලෙස ගිනස් වාර්තා අතරට එක් වේ.
ප්‍රශ්නය 8: 1AB පාසල් වැඩිම සංඛ්‍යාවක් පිහිටි පළාත කුමක් ද?
(i) මධ්‍යම
(ii) දකුණ
(iii) වයඹ
(iv) බස්නාහිර
පැහැදිලි කිරීම: කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුළත් බස්නාහිර පළාතේ 1AB (උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සහිත) පාසල් වැඩිම ප්‍රමාණයක් පිහිටා ඇත.
ප්‍රශ්නය 9: මෙරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරම්භ කළ ආණ්ඩුකාරවරයා කවුද?
(i) රොබට් බ්‍රවුන්රිග්
(ii) ෆෙඩ්‍රික් නෝර්ත්
(iii) හර්කියුලිස් රොබින්සන්
(iv) තෝමස් මේට්ලන්ඩ්
පැහැදිලි කිරීම: 1869 දී ආණ්ඩුකාර හර්කියුලිස් රොබින්සන් විසින් පොදු අධ්‍යාපන දෙපාර්තමේන්තුව (Department of Public Instruction) පිහිටුවන ලදී.
ප්‍රශ්නය 10: සමාන්‍ය පෙළ ඉහළින් සමත්ව උසස් පෙළ හදාරන ශිෂ්‍යයන්ට දෙනු ලබන ශිෂ්‍යත්වය කුමක් ද?
(i) මහත්මා ගාන්ධි ශිෂ්‍යත්වය
(ii) ජනාධිපති ශිෂ්‍යත්වය
(iii) සිසු දිරිය
(iv) මහපොළ
පැහැදිලි කිරීම: ඉන්දීය රජයේ ආධාර ඇතිව මහත්මා ගාන්ධි ශිෂ්‍යත්වය අ.පො.ස (සා/පෙළ) ඉහළින් සමත් සිසුන් වෙනුවෙන් පිරිනමනු ලැබේ.

ලකුණු පුවරුව

මුහුණ දුන් ප්‍රශ්න ගණන: 0

නිවැරදි පිළිතුරු: 0

වැරදි පිළිතුරු: 0

මුලු ලකුණු: 0%

Post a Comment

0 Comments

WhatsApp